විදුලි හී සැර
(පින්තූරය අන්තර්ජාලයෙනි
-https://images.app.goo.gl/A7u8PrUgNPpV65Q18)
සුවිමාලි
චිමිනි ලාම්පුව පත්තුකරගෙන සුලං කපොල්ල පසු
කිරීමට තැත් කරන්නේ මේ
දස වන වතාවටය.
මිහිලුත්
, මනුලිත්, මනුජත් මඳ
අඳුරේ ඇයගේ ප්‍රයත්නය දෙස
දුකින් බලා
සිටිති . මේ
කුඩා
දරුවන්ට ඇයට කිසිඳු උදව්වක්
කල නොහැක්කේ , ගින්දර සමග වන කිසිඳු
කටයුත්තකට ඇය ඔවුන්ට ඉඩ නොදෙන
බැවිනි.
සුලං කපොල්ල වනාහී කුස්සියෙන් මැද සාලයට වන දොරයි. එයට නම් තැබුවේ සුවිමාලිමය. මුලු ගෙයි දොරවල් වසා ලාම්පු පත්තු කිරීමේ කර්තව්‍යට අත ගැසුවද සිවිලිං නොගැසූ ඉතා උස උලු හෙවිල්ලූ වහලත් අඩි දෙකක පමන පලලින් යුතු කබොකින් බැඳ කපරාරු කල බිත්ති අතර වූ හිඩැසින් " හෝ හෝ හෝ" හඬින් වේගයෙන් සුලං ගෙට ඇති පදං කඩාවැදේ.
මේ ගෙය ඉතාම පැරනි
එකකි. ඉදිරියෙන් රේල් පාරටද පිටිපසින්
මහ මුහුදටද මැදිව ගොඩ නැගුන විසාල
එකකි. පොල් ගස් , කෙසෙල්
ගස් පිටුපස වත්ත පුරාය. ඉදිරි
පස මිදුලේ අරලිය, සමන්, කනෙරු,සේපාලිකා.වතුසුද්ද ආදී නෙක මලින්ද
පලතුරු ගසෙන්ද පිරී ඇත. ලිඳේ
වතුර මඳක් කිවුල් රසැති
මුත් මේ ලිඳ කිසිදා
නොසිඳේ. කාමර පහකි ,ගබඩා
කාමරයකි
, සොල්දරයකි, ඉස්සරහ සහ මැද සාලයකි
, කෑම කාමරයකි , කුස්සියකි
.ගෙයි ප්‍රමානයේ තරමට ජනේල්, දොරවල් ඉතා
කුඩා නිසා ගෙය දවල්ටත්
මදක් අඳුරුය. අවුරුදු
එකසිය පනහක් පමන වූ, නිසි නඩත්තුවක් නොලබා
අව්වට වැස්සට බොහෝ කාලයක් මුලුල්ලේ
නිරාවරනය වී ඇති නිසා
එය ඊටත් වඩා පැරනි
බවක් දිස්වේ.
සේනානී නම්වූ මේ ගෙය සුනෙත්ට පිය
උරුමයෙන් ලැබුනකි.මේ ගෙය ඔහුගේ මහගෙය නොවේ.
නමුත් ඒ පරම්පරාවට අයිති
,අවුරුදු ගනනක් කුලියට දී තිබූ එකකි.
එහි අවුරුදු විසි පහක් පමන
අඛන්ඩව විසූ ලංසි පවුල
ඉන් යවාගෙන ඇත්තේ ඉතා අමාරුවෙනි. ඉන්
ටික කලකට පසුව සුනෙත්ලා
එහි පදිංචියට ආහ.
මල්
වට්ටියක් අතින් ගෙන මනුලිත් , හාල්
මල්ලක් අතින් ගෙන මිහිලුත්, ප්ලාස්ටික් බෝතලයක දැමූ පොල් තෙල්
අතින් ගත් කුඩා මනුජත් , දරු තිදෙන මැදි
කරගත් සුනෙතුත් සුවිමාලිත් රේල්
පාර පැන , සිංහ කුලුනු දෙකක්
යෙදූ ගේට්ටුව ඇරගෙන මේ වත්තට පලමු
පා තැබුවේ වැඩි ඈතක නොවේ
.
මනුලිට වයස අවුරු පහකි
, මිහිලුත් , මනුලිත් , මනුජත් අතර
වයස පරතරය අවුරුද්ද බැගින්ය.
"අයියෝ
.. ආයෙත් නිවුනා.. මට නම් දැන්
මේ කරුමේ තිත්ත වෙලා...
සුවිමාලි නැවතත් මැසවිලි නගයි.
"අම්මා
ඇයි අපි ලයිට් තිබුන
ලස්සන ගෙදරකින් මේ වගේ කබල්
ගෙදරකට ආවේ."? ඒ මනුජය.
මනුජ පමනක් නොවේ මනුලිත් ,මිහිලුත්
මේ පාලු ගෙදරට කැමති
නැත. ගුනවීර මාමලාත් , රේනු අක්කලාත් , චොකෝ
ඇන්ටිලාත්, ටොප් අන්කල්ලාත්
මේ අහලක නැත. ඔවුන්ට
තවම මෙහි යාලුවොත් නැත.
" මේක
පුතේ ඔයාගේ තාත්තාට සීයාගෙන් ලැබුන
ගෙදරනේ. ඉතින් තාත්තා දැන් රට ඉඳන්
සල්ලි එව්වම අපි මේක හොඳ
ලස්සනට හදා ගමු ,ලයිටුත්
ගමු , ටෙලිෆොනුත් ගමු
හොඳේ , මේක ඉතින් කවදහරි
ඔයාටනේ, ඔයා
පව්ලේ පොඩි පුතානේ".. ඒ මනුජ සනසන
සුවිමාලිය.
" අන්න
හරි අම්මා
මේක මල්ලිටම දෙන්න , මටනම් මේ පරන ගේ
එපා" මිහිල් තම ස්ථාවරය පැහැදිලි කරයි.
සුවිමාලි
එකලොස්වන වතාවටත් චිමිනි ලාම්පුව දැල්වීමට උත්සාහ කලාය.
"හුරේ
ඒ පාර හරි ගියා"
සුනෙත් පිටරට රැකියාවට ගොස් වසරක් පමන ගෙවෙද්දී , සුවිමාලි කියූ පරිදිම සුනෙත් රට ඉඳන් එවන සල්ලි වලින් ගෙයි වැඩ හෙමි හෙමින් පටන් ගැනුනි.
එ ඉපැරනි ගෙය තම
පැරනි මූනුවරින් මිදී ,බිඳෙන් බිඳ කල එලි
වෙමින් සිටියාය. වහලත් සිවිලිමුත් අලුතින් ගසන ලදි. ඉන්
ගෙට අපූරු නව පෙනුමක් ලැබුනි.
කබොක් ගලට කල මැටි
කපරාරුව කඩා සිමෙන්තියෙන් කපරාරුව
කෙරුනි. බිම තිබූ කොල
පැහැති ඉරිතැලුනු සිමෙන්තිය වෙනුවට මනාව ඔප දැමූ
රතු සිමෙන්තිත්, කුඩා දොර ජනෙල්
වෙනුවට අලංකාර දිගු ප්‍රංශ මෝස්තරයේ
දොර ජනෙල් සවිකල අලුතින් තීන්ත සාත්තුව ලැබූ බිත්තිත් ගෙට
ගෙනාවේ අමුතුම පෙනුමකි.
ඒ පැරනි ගෙය දැන් කල
එලිවූ , පෙනුමැති ගෙයකි. ගෙඇතුල තැනූ නාන කාමරය
සහ වැසිකිලි පහසුකම් නිසා ගෙය තවදුරටත්
වාසයට සුදුසු විය. සුවිමාලි විසින්
මැසූ අලංකාර දොර ජනේල රෙදි
, පුටු කවර, එම්බ්‍රොයිඩර් කල
කුෂන් කවර සමග ඔපවත්
කල වටිනා ලී බඩු වලින්
යුතු නිවස ඇතුලතද පිටත
මෙන් ඉතා සුන්දර විය.
සේනානිය
දිවාකල එසේ ඔපවත් වූවත්
, තවමත් රාත්‍රියට අඳුරේය, තවම ගෙට විදුලි
ආලෝකය නැත.
දැන්
සුවිමාලී වෙහෙසෙන්නී ගෙට විදුලි බලය
ලබා ගැනීමටය. මෙය නම් හිතුවාටත්
වඩා අමාරු කාරියකි. තරුන කාන්තාවකට තනිවම
කරගැනීමට නොහැකි තරම් වූ කාරියකි.
හැමතැනම
කාක්කෝය, නගර සභාවෙන් කිසිම
කාර්‍යයක් නොමිලේ කරගත නොහැක. ඇස්තමේන්තුවක්
ගැනීමේ සිට විදුලිය සම්බන්ධ
කිරීම දක්වා වන ක්‍රියාවලියේ පසු
කල යුතු අල්ලස් කඳවුරු
බොහොමයකි.
" මිස්
මේක කරන්න නම් අර සර්
ට මෙච්චරක් දෙන්න ඕන, නැත්තම් ඕක
කරගන්න බෑ වැනි
වදන් ඇය ඇසුවේ වරක්
දෙවරක් නොවේ.
ඒ “සර්ලා” කීප වරක් ඇයට , පිරිමි කෙනෙක් එවන්න මේ වැඩේ කරගන්න ඕනනම් කියා තිබුනි. ඒ පිරිමියෙකු සමග කෙලින්ම තම ගතමනාව කතා කර ගත හැකි බැවිනි. නමුත් සුවිමාලි දිනපතා රාජකාරියට යන්නාක් මෙන් නගර සභාවට ගියාය, දිනපතා ඒ ” සර්ලා”ට ඇසේ ඇනෙන කටුවක් මෙන් ඇය දිස් වූ නමුත් අන්තිමේ ඒ “සර්ලා” මේ අපූරු ගැහැනියගේ පසු නොබහිනා දහිරිය ඉදිරියේ පසුබැස ඇස්තමේන්තුවක් දීමට යාමට දිනයක් දුන්හ.
" කෝ
මිස් වාහනේ ,"?
"අනේ සර් මට වාහන නැහැනේ , බස් එකේ යං" කියමින් ඔවුන් නගර සභාවේ සිට බසයන් දෙකක මාරු වෙමින් ගෙදරට ගෙනාවාය.
ඒ මහත්වරුන් ලැබූ එකම සංග්‍රහය තේ කෝප්පයක් පමනක් නමුත්, විදුලි බලය ලබා ගැනීම තව දුරටත් අමාරු වැඩක් මෙන් වූයේ පාර දිගට කණු පහක් දැමීමට සිදු වන නිසාය . එය ඉතා වියදම් යන වැඩකි .
මේ ප්‍රශ්නයට එවේලෙහි පහසු ලාභ දායක ලෙස පෙනුණු ක්‍රමයක් ඉදිරිපත් කලේ සුවිමාලිලාගේ අසල්වැසි කත විසිනි.
කුමාරි
නම් වූ ඇය සුනෙත්
ගේ වයසේය , කුඩාකල පටන් ඔවුන් දැන
හඳුනන්නො වෙති . අවිවාහක කුමාරී ඇගේ අවිවාහක නැගනියත්
සමග සේනානියට අල්ලපු වැටේ විසුවාය.
"මිසිස්
සුනෙත් , කියමින් සුවිමාලි
සමග කතාවට වැටෙනා මිසිස් සුබසිංහ ට අනුව නම්
,
"ඔය
කසාදයක් හරි නොයන්නේ කුමාරිගෙයි
නගාගෙයි තියෙන කුඩුකේඩු කමට"
මිසිස්
සුබසිංහ විසුවේ සේනානියේ පොල් ගස්
වැටියට මායිම්වූ අනිත් පස වැටේය.
මිසිස් සුබසිංහගේ ඇසින්, කනින් රිංගා ඒ පටුමගේ කිසිම කෙනෙකුට හුස්මවත් ගැනීමට නොහැකි බව සුනෙත් සුවිමාලිට අඟවා අනතුරු තිබුනේ මෙහි පදිංචියට පැමිනි පලමු දවසේමය.
"ආශ්‍රය
පරිස්සමින් හොඳේ"
ඔහුගේ අවවාදය ඈ ඉත සිතින් පිලිපැද්දාය , මිසිස් සුබසිංහ ගෙනා ආරංචි හූ මිටි නොතබාම අසා සිටියාය.
මේ සියලු දෙනා සමග සුවිමාලිගේ
පමනට වැඩි ඇයි හොඳැයියක්
නොතිබුනත් , කුමාරි අක්කා ගෙනා යෝජනාව නම්
සිතා බලන්නට තරම් වටින එකකි.
"අනේ
මොකට ඔය කණු පහකට
වියදම් කරනවද සුවිමාලි ,අපේ කණුවෙන් කරන්ට්
එක ගන්නකෝ “ .. මොකද අපි ඉතින්
සුනෙත්ව දන්නේ පොඩි කාලේ ඉඳන්ම
නේ , එකටනෙ අපි කෝච්චියේ ඉස්කෝලෙ
ගියේ" .. කුමාරී
හදවත අතට ගෙන මෙන්
කතාකරයි. දුරකතනයෙන් ඇමතීම් සුලබ නොවූ එකල
,ලිපියකින් අසා යවා සුනෙත්ගෙනුත්
ලැබුන අනුමැතිය ඇතිව සුවිමාලී කුමාරි
අක්කාට ඔවුන්ගේ කණුවෙන් විදුලිය ගැනීමට තම එකඟතාවය පල
කලාය.
" සුවිමාලී
... මේ , මම කියන්නේ
... කුමාරී ලොකු කතාවකට මුලපුරයි
.
"අපේ කණුවෙන් කරන්ට් එක නිකංම ගන්නවාට වඩා ඉතිං හොඳයිනේ මටත් කීයක් හරි දෙන එක නේද?"
"දැන් සුවිමාලීට ඔය කණු පහට වියදම රුපියල් පන්දාහයි නේ , මට දෙන්නකෝ දෙදහස් පන්සීයක් , මටත් ලාබයි , ඔයාටත් ලාබනේ වැඩේ"
අර
"සර්ලා" ඉදිරියේ පසු නොබෑ සුවිමාලී,
මේ කතාවෙන් පුදුමයට පත් වුනත් , අතේත්
මුදලක් ඉතිරිව තිබූ නිසාත් , පසුකලෙක
" අපි කරන්ට් දුන්නේ සත පහක් නොගෙන"
වැනි පුරාජේරු කතාවක් ඇසීමට අකමැති නිසාත් ,
" හා
කුමාරි අක්කෙ එහෙනම් මෙන්න සල්ලි , අපි ලියවිල්ලක අත්සං
කරලම මේක කරමුද ?"
" අනේ
මොන ලියවිලිද සුවිමාලි , මේ එහා වැටේ
ඉන්න මා එක්ක , අපිට
කතාබහ කරලා ඕන එකක්
විසඳ ගන්න බැරිද? " ඉතින්
එහි ගිවිසුමක්, ලියවිල්ලක් නොවීය.
"ඔව්නේ
, ඉතින් මේ සුනෙත් පොඩි
කාලේ ඉඳන් දන්න කියන
උදවියනේ" සුවිමාලී සිතුවාය.
සති
කීපයක් ඇතුලත සියලු කටයුතු කෙරිනි.
ගෙයි විදුලි පරිපථ කලින්ම සකසා තිබූ නිසා , අවශ්‍ය වූයේ විදුලිය කණුවෙන් සම්පාදනය කර , විදුලි මීටරයක් සවි කිරීම පමනි.
සුනෙත් විසින් එවා තිබූ රූපවාහිනියද , ශීතකරනයද , අනෙකුත් විදුලි උපකරනද නියමිත තැන්වල තැබුනි. නෙක විසිතුරු පොකුරු පහන්, විදිලු බුබුලු ගෙයි තැන් තැන් වල එල්ලුනි.
එදින උදයේ සිටම එහි පැමිනි සුනිල් අයියා ඒ කාර්‍යයන් නිසිලෙස කලේය. ඔහු ඒ පටුමගේ විසූ නමගිය විදුලි කාර්මිකයෙකි.
සුවිමාලිගෙත් දරුවන්ගෙත් සිහින එලිකරමින් ගෙට විදුලිය ලැබුනි.
ගර් , ගර් හඬක් නගමින් ශීතකරනය වැඩ පටන් ගත්තාය. මෙතුවක් කල් අයිස් කැට කෑමට රාජිත ගේ ගෙදරට ගිය දරුවන්ට දැන් ගෙදරම අයිස් කැට..
රූපවාහිනි සේවය පටන් ගන්නේ හවස පහටය. එතෙක් දරුවන්ට ඉවසිල්ලක් නොවීය .. හරියටම හවස පහට ජාතික ගීයෙන් සේවාව ඇරඹුනි. වෙනදා කුමාරී ගෙ ගෙදරින් රූපවාහිනිය නැරඹූ දරුවන්ට දැන් ගෙදර සිටම එය නැරඹිය හැකිය.
ඇයි
සුවිමාලිට , ඇය රූපවාහිනිය
නැරඹීමට කිසි පිට ගෙදරකට
නොගියාය. ඉඳහිට දිනෙක දරුවන්ගේ බලවත් ඉල්ලීම පිට සුනෙත් ගේ
නැන්දගේ ගෙදරට ගියේ ඔවුන් විසුවේ
පයින් ඇවිද යා හැකි
තරම් දුරකින් බැවිනි.
වඩේ
කමින් , සිනාසෙමින් රූපවාහිනිය නරඹන දරුවන් දෙස
බලන සුවිමාලි සතුටින් මද සිනා පායි
, ඇස් තුටු කඳුලෙන් තෙත්
වේ.
" මම
හැමදාම සුදු මාමලාගෙ ගෙදර
ගියාම හිතනව, අපි කවදද ෆ්‍රිජ්
එකක් ගන්නේ කියලා ,, එගොල්ලන්ගෙ එක උඩ ලස්සනට
ටෙඩී බෙයා කෙනෙක් තියලා
, කොලපාට එකක් , ජාතිය සිසිල් නේ , අපේ එක
ටොෂීබා, “ ඒකත් හොඳ ජාතියක්
නේද අම්මා" මනුලි අසයි
"ඔව්
දුව , ටොෂීබා ජපන් එකක්නේ"
"මට හුඟක් දවස් වලට රජිත කියනව අද අයිස් දැම්මේ නෑ කියල ,එක කැටයක් වත් දෙන්නෙ නෑ , අපි නම් ඕනම් කෙනෙකුට ඉල්ලුවොත් අයිස් කැට දෙමු නේද අම්මේ , ඇයි ගෙදරට එන අයට අයිස් දාපු බීමත් දෙන්න පුලුවන්නෙ"
"ඔව් පොඩි පුතේ , එහෙම නැති කෙනෙක් ඉල්ලුවොත් දෙන්න ඕනනෙ. දැන් ඔයා දන්නවනේ දෙන්න බෑ කියල කිව්වම ඉල්ලපු කෙනාට දුක හිතෙනව කියලා නේද ?
" අම්මා
දැන් නම් එලියේ කලුවරයි
, අපි ලයිට්
දාමු ?
" මමයි ඉස්සෙල්ලාම
දාන්නේ , මමනෙ ගෙදර ලොකු
පුතා , තාත්තා ගාවට ඉන්නෙ මමයි " කියමින් මිහිල් විදුලි
ස්විච ක්‍රියාත්මක කරයි.
එකවරම ඇසුනේ කවුරුන් හෝ මහා හඬින් බැන අඬගසන ශබ්දයකි.
"මොකක්ද අම්මා ඒ ? " කවුද ඒ කෑගහන්නේ?"
" ඔය ලයිට් ගත්තේ රට සල්ලි වලින් , හුහ් !! කණුවෙ වටිනා කමින් බාගෙටයි මට සල්ලි දුන්නෙත් , දැනගන්නවා අපි ලයිට් ගත්තේ ලංකාවෙ සල්ලි වලින් , මීට අවුරුදු ගානකට කලින් හොඳද ,. හුහ් !! ටීවී , ෆ්‍රිජ් ඕවා ගන්න බැරිද රට ඉඳන් සල්ලි එවනකොට , දැන් යයි අම්මයි , පැටව් ටිකයි උඩ , හුහ් !! උඩ ... මගේ ඉතුරු දෙදාස් පන්සීය දීපියව් , පන්දාහට ගාන් කියල මට දුන්නේ දෙදාස් පන්සීයයි ..
අතරින් පතර තරමක නොසරුප් වදන්ද ඇසේ.
සේනානීයේ සිංහ ගේට්ටුව අසල සිට කුමාරී මහ හඬින් කෑ ගසයි . ඇගේ නැගනිය භද්‍රා ඇයට උල්පන්දම් දෙමින් ඒ අසලට වී හිඳියි.
"අපිට ලොකු නෑ රට සල්ලි , අපි බයත් නෑ ඔය ලඟදි ආපු අයට , බලමුකො ලයිට් දාගෙන ලකේට ඉන්න හැටි? "
සුවිමාලී ,
මේ අපහාස , අවලාද සියල්ල නෑසූ කන්ව දරුවන් සමග ගෙට වැදුනාය. ඉදිරි දොර වසා ඉදිරිපස
පහන්ද නිව්වාය.
මොහොතකට පෙර
සතුටින් සිනාවෙන් ඔපවත්ව තිබූ ඒ මුහුනු දැන් දුකින් ලැජ්ජාවෙන් බරවී ඇත.
මිසිස් සුනෙත් , මිසිස් සුනෙත් " පිටිපස ගේට්ටුව පැත්තෙන් නැගෙන හඬකි .ඒ මිසිස් සුබසිංහය .
සුවිමාලී අකමැත්තෙන් නමුත් පිටිපස ගේට්ටුවෙන් ඈ ගෙවත්තට ගත්තාය.
"අනේ මිසිස්
සුනෙත් , හරිම ලැජ්ජාව නේද ? බලන්නකො දැන් සල්ලි දුන්නෙත් නෑ කියනවනේ , මිසිස් සුනෙත්ට
කියන්න හරි හරි ජාති තමයි කිව්වෙ , මම ඔක්කොම අහගෙන ඉඳල , කුමාරීයි භද්‍රයි ගෙදරට යනකන්ම
ඉඳලයි ආවෙ මේ. අපෝයි ලැජ්ජාව "
"අනේ මගෙ මොකද මිසිස් සුබසිංහ , මම දන්නවනේ මම සල්ලි දුන්නා කියල" ඉතින් ඔහේ ඕන දෙයක් කියපු දෙන් "
සුවිමාලී එසේ කීවත් මේ බැන ඇඬගැසීම සෑමදාකම සේනානියේ විදුලි පහන් දැල්වූ විගස තේවාවක් මෙන් නොකඩවා කෙරුනි.
ඉන් නොනැවතී සුවිමාලී හෝ දරුවන් ගෙන් පිටට පැමිනි සැමවිටම මේ බැන වැදීම සිදු විය , දරුවන් පාසල් යන්නෙත් , ගොස් පැමිනෙන්නෙත් මේ ඇනුම් බැනුම් වර්ෂාවට මැදිවය. සුවිමාලී කඩයට , පංසලට ගියත් මේ බැනුම් නොනැවතුනි. බැනුම් වලින් නොනැවතී ඒවා ශාප කිරීම් වලටද හැරුනි.
" මුන්ට ශාපවෙනවා මේ මගේ කණුවෙන් ලයිට් අරං මට සතපහක් නොදුන්නට, මගේ හොඳ කමට මම හා. කීවේ, දැන් මුන්ගෙ තියෙන උජාරුව, බලමු බලමු ඔය උජාරුව බහින දවස ලඟයි .."
මේ ආඩපාලි කුමාරී අක්කා කියන්නේ ඔවුන්ගේ ඉස්තොප්පුවෙ සිටය , ඔවුන්ගේ ඉස්තොප්පුවත් , සේනානී යේ සිංහ ගේට්ටුවත් එක පෙලට තිබුනි. ඉතින් සේනානීයෙන් පිට වෙන්නෙකුට ඔවුන්ගේ ඇස ගැටීම වැලැක්විය නොහැක.ඉතින් ඇනුම් බැනුම් වලටද ලක් වීමට නිසැකයෙන් සිදුවේ.
" මිසිස්
සුනෙත් , ඔයත් කට පියාගෙන ඉන්න එපා , හොඳ දෙකක් කියන්න"
මිසිස් සුබසිංහ එසේ උපදෙස් දුන්නත් , සුවිමාලී දිගටම නිහඬ පිලිවෙතම අනුගමනය කලාය.
" අනේ ඇයි අම්මා කුමාරි නැන්දා අපිට බනින්නේ , අපි මුකුත් වැරැද්දක් කරාද එයාට "?
" නෑ පුතේ , අපි එයාට මුකුත් වැරැද්දක් කරල නෑ , සද්ද නැතුව අපි ඉමු පුතේ , නිවැරදි කරුවන්ට කවදාවත් වරදින්නේ නෑ, එයාටම එපා වුන දවසක ඕවා නවත්තන්නෙ නැතැයි"
සුවිමාලී කිවූ
“එදවස” පැමිනෙන්නට වැඩි කලක් ගියේ නැත.
එදා දරුවන් සුපුරුදු ලෙසටම පාසැල් ගොසිනි. සුවිමාලී මුලුතැන්ගෙයි කටයුත්තකය.
ඇයට ඒ විලාපය නොඇසෙන්නට බොහෝ දුරට ඉඩ තිබුනි , එය යටි උගුරෙන් අමාරුවෙන් මෙන් නැගෙන හඬකි, එය සුවිමාලීට ඇසුනි. , ඒ හඬ එන්නේ කුමාරී ගෙ ගෙයි පිටිපසිනි.
" අම්මේහ් , අම්මෙහ් , අනේ දෙවියනී .. මම ඉවරායි..
බල බලා ඉන්න නොහැක , එය ඉතා වේදනාකාරී හඬකි .
තරහ මරහ දැන් සුවිමාලීට අමතකය. මේ උදව් කලයුතු අවස්ථාවක් බව ඈට දැනුනි.
වහා ගේ පිටිපසට දුව ගිය ඈ වැට පැන්නාය. හඬ ආ දෙසට දිව ගියාය.
වටපිට බැලූවත් බලු කපුටෙකුවත් පෙනෙන්නට නැත. හඬ තවමත් ඇසුන මුත් ඒ ඉතාම දුර්වලය ලෙසින්ය.
" අහ්! අර පැත්තෙන් වගේ කියමින් සුවිමාලී කුමාරී අලුතින් බැඳී වැසිකිලි වල දෙසට දිව්වාය.
මෙම
වැසිකිලි වල කුමාරී විසින්
බඳවනු ලැබුවේ ඉතාම මෑතකදීය.
කලින් වැසිකිලි
වල තිබුනේ කුමාරීගේ ගෙයි පිටිපසටම වන්නය
, නමුත් සුවිමාලී ලාට පාඩමක් උගන්වන්නට
සිතූ කුමාරී , අලුත් වලක් හරියටම සුවිමාලී
ලාගේ මැද සාලයේ දිගු
ප්‍රංශ ජනෙල් පෙලට සමාන්තරව තම
ඉඩමේ බැන්දෙව්වාය.
ඉඳහිට
දිනෙක මේ වලින් තරමක
දුර්ඝන්ධයක් හමායයි.එවැනි දිනෙක සුවිමාලීලාගේ ගෙදරට අමුත්තකු ආවිට
හෝ ඔවුන් මැද සාලයේ කෑම
කනවිට කුමාරීට රිස්සුම් නොදූ ඒ අලංකාර
දිගු ජනේල් සුවිමාලී විසින් වසනු දැක කුමාරීගේ
ඉර්ෂ්‍යා වෙන් බරවුනු හිත
කුරිරු සතුටකින් ඉපිලයයි.
හිතේ
තරහට පටන් ගත් නමුත්
අලුතෙන් දරන්නට වූ වියදම ගැන
පසුතැවුනු කුමාරී , වල උඩින් ඉතාම
තුනී , පස් වැඩියෙන් සිමෙන්ති
අඩුවෙන් යුතු කොන්ක්‍රීට් තට්ටුවක්
දැම්වූවාය. බාස් උන්නැහේ මේ
ගැන කුමාරීට කීපවරක් අනතුරු ඇඟෙව්වේ " මේක නිකනුත් කඩා
වැටෙන්න පුලුවන් නෝනා" කියමිනි.
කිව්වා
නාහන ගුරු උඩ ගියොත්
උඩ , බිම ගියොත් බිම
යන කියමන සනාථ කරමින් ,දැන්
කුමාරී එහි ප්‍රතිඵල
අත්විදින්නී ,වල කඩාවැටී එහි
පතුලේ පත බෑවීය.
උදෑසන
අවදිව , වත්තේ ගස්වල පොල් වැටී ඇද්දැයි
බලමින් ගිය කුමාරී නොදැනුවත්වම තුනී
කොන්ක්‍රීට් ලෑල්ල මත පය තබා..
"දහ්බොක්" යන හඬින් වල
කඩාගෙන පතුලට වැටුනාය. වල තුල පිරි
අපවිත්‍ර මුත්‍ර
, මළ මත
වැද හොත්තීය.
කොපමන
කෑ ගැසූ නමුත්, කිසිවෙක්
උදව්වට ආවේ නැත. නැගනිය
භද්‍රා අද උදෙන්ම කුමාරී
හා බහින්බස් වී ගෙදරින් පිටව
ගොස් තිබුනි.
"අනේ
මම මේක ඇතුලේ මැරිලා
ගියත් මට කවුරුත් නෑනේ
" සිතමින් ඇය හඬා වැලපුනි.
ඒ
"කුමාරී අක්කා , කුමාරී අක්කා" කියමින් ඈට හඬ ගසන
හඬක් ඇසෙන තෙක් පමනි
.
"මම
මෙහේ, මම මෙහේ ...මේ
වලේ , කුමාරී තමන්ට හැකි උපරිම ශක්තියෙන්
කෑ ගැසුවාය..
කුමාරී
හීනෙන්වත් නොසිතූ නොපැතූ ලෙස වල උඩින් එබුනේ...
සුවිමාලී ය.
හත් දෙයියනේ කුමාරී අක්කේ , මොකද මේ උනේ .."
"ඉන්න ඉන්න, බය වෙන්න එපා, මම ඔයාව උඩට ඇදලා ගන්නවා" කියමින් වල උඩින් බිම දනගසාගත් සුවිමාලී , නහය හකුලා , ඇස් පියා, කුමාරිගේ අත් අල්ලාගනිමින් ඈ උඩට අදින්න වුනාය. .
මදක් කුමාරී උඩට ඇදගත් පසු ඇගේ කිහිලි යටින් අත් දමා වැරෙන් එකවර උඩටම ඇද ඈ ගොඩ ගත්තාය.
සුවිමාලීවත් පෙරලං කුමාරී නැවතුනේ සුවිමාලීගේ ඇඟ උඩිනි.
සුවිමාලිත් කුමාරී මෙන්ම හිසේ සිට පාදාන්තය
තෙක්ම අපවිත්‍ර වී ඇත.
නමුත් ඒ නොතැකූ ඇය ඉතා අසීරුවෙන් කුමාරිව නැගිටුවා ගෙන ලිඳ තෙක් ඔසවාගෙන මෙන් ගෙන ගියාය.
එහි පඩියක කුමාරීව වාඩි කරවූ සුවිමාලී , වතුර ඇද ඈ නෑව්වාය, සබං දමා පිරිසිදු කලාය.
තමනුත්
හැකි පමන පිරිසිදු වී
, කුමාරීව ඇගේ ගෙට ගෙන
ගොස් , පිහිදා , අලුත් ඇඳුමක් ඇන්දුවාය. ඇඳෙන් ඈ හිඳුවා වහා
තම ගෙට දුවවිත් තේ
කොප්පයක් සාදා ගෙනවිත් පෙව්වාය.
"කුමාරී
අක්කෙ , ඔහොම ඉන්න මම
වාහනයක් හොයන් ඇවිත් ඉක්මනට ඔයාව
ඩොක්ටර්
කෙනෙක් ලඟට ගෙනියන්නම්"
වහා
නැවත තම නිවසට පැමින
, වෙනත් ඇඳුමකට මාරුවී , වෛද්‍යයවරයාටත් ,වාහන ගාස්තුවටත්
ඇති පමනට මුදලුත් ගෙන
වහා නිවසින් පිටවුනාය.
නැවත පැමිනියේ හංදියෙන් වෑන් රථයක්ද සමගිනි.
වෑන් රථයේ රියදුරුද සමගින් කුමාරී අක්කාව රථයට දමාගත් සුවිමාලී වෛද්‍යවරයකු ලවා ඈ පරික්ශා කෙරෙව්වාය.
කුමාරී අක්කාගේ සිරුරේ කැඩුම් බිඳුම් කිසිත් නැති නමුත් දනහිස පහලින් පටන් ගෙන විලුඹ තෙක් දිවෙන ගැඹුරු තුවාලයකි. වෛද්‍යවරයා කනස්සල්ලෙනි,
" මෙයාට දියවැඩියාවත් තියෙන නිසා, මේ තුවාලේ ලේසි වෙන්නෙ නම් නෑ" , හොඳට සාත්තුවත් , බෙහෙතුත් , පරිස්සම් කෑම බීමත් ලැබුනොත් විතරක් යාන්තම් ගොඩ දාගන්න පුලුවන් වෙයි"
ආපසු ගෙදර පැමිනි සුවිමාලී , කුමාරී අක්කාව ඇගේ ගෙදර පහසුවෙන් තබා, නැවත ගෙදරටවිත් වහ වහා කෑම ඉව්වාය.
එවිටම ගෙට කඩා වැටුන මිසිස් සුබසිංහ , "අනේ !!මිසිස් සුනෙත් , හරි වැඩේ නේද , මොකටද අනේ ඔයා කරදර වෙන්නෙ , අර භද්‍රාට පනිවිඩයක් යවල ඔන්න ඔය නිකං ඉන්න"
"කොහොමද මිසිස් සුබසිංහ එහෙම කරන්නේ , භද්‍රට පනිවිඩ යැව්ව්වත් කනකට ගත්තෙ නැතිලු , ඉතින් කවුද මේ අසරන මනුස්සයාට කෑම බීම ටිකවත් දෙන්නෙ" අනිත් එක හොඳටම සීනිලු ඇඟේ, ඉතින් කෑමෙන් බීමෙන් පරිස්සම් කරවන්නත් එපැයි."
සුවිමාලි පමනක් නොව සුවිමාලිගේ දරුවන්ද කුමාරී ගෙ සේවයට කැප වූහ.
දරුවන් පාසැල් ගොස් ආපසු ඔවුන් මාරුවෙන් මාරුවට කුමාරීට තනි රැක්කාහ. තේද , වතුරද , බත් ද සැපයූහ . ඇයට ඇසෙන්නට කවි , සින්දු කීහ, බෙහෙත් නියමිත වේලාවට දුන්හ.
සති කීපයක් මෙසේ ගෙවුනත්, භද්‍රාගෙන්වත් , තරමක දුරකින් වෙසෙන කුමාරීගේ ලොකු අක්කාගෙන්වත් යැවූ පනිවිඩ වලට කිසිම උත්තරයක් නොලැබුනි.
ඒ අතර කීප වාරයක්
සුවිමාලී විසින් කුමාරී අක්කාව වෛද්‍යවරයා වෙත ගෙනයනු ලැබුනි.
"දැන්
නම් ටිකක් තුවාලේ අඩු පාටයි , මේ
විදිහය තව සති කීපයක්
ගියොත් නම් තුවාලේ හොඳටම
හොඳවෙයි"
අක්කා
දුටු කුමාරීගේ මුහුන තරහින් රතුවිය . කට ඇදවිය. තොල
බෙරිවිය.
"හා
හා , යමු යමු එහෙනම්
, මට නම් පුදුම කරදරයක්
කුමාරී ඔයාගෙන් නම්"
" අනේ මට බෑ අක්කෙ , දැන් තුවාලෙත් අඩුයි" .. හහ් !! මෙච්චර කල් නැතුව දැන් මොකටද මට ඔයාව .මේ සුවිමාලී නංගි තමයි මාව සනීප කලේ , එයා නැත්තම් මම එදා ඒ වලේම මැරිල "
‘’ආහ්!
, එන්නෙ නැත්තම් මම මොනවා කරන්නද
, ඕන එකක් කරගන්නවා..
මම යනවා යන්න..” කියමින් කුමාරිගේ ලොකු අක්කා කුමාරීට
බැනවදිමින් යන්නට ගියාය.
"ඔයා
නොගිය එක හොඳයි කුමාරි
අක්කේ , තව ටිකනේ , අපි
ඔය ටිකත් හොඳ කර ගමු
නේ? "
ඉන්නකෝ මම ඔයාට වතුර එකක් ගේන්නම්කො , ඔය බෙහෙත් ටික බොන්න" කියමින් ආපසු හැරුනාය.
"සුවිමාලී නංගී"
එහඬට
වහා හැරුනු සුවිමාලී දුටුවේ , පුටු පත්ත මිරිකාගනිමින්
, ගැහෙමින් , වෙව්ලමින් හඬා වැටෙනා කුමාරී
ය.
"අනේ ඇයි කුමාරී අක්කේ මේ"?
කුමාරී තම අත් සුවිමාලී දෙසට ඔසොවා වැඳ වැටෙමින් හැඬුවාය ..
"මගේ නංගි , මට සමාවෙන්න , මට සමාවෙන්න , මම ඔයාට කල නපුරු කම් , දුශ්ඨ කම් තමයි මට මේ ඵල දුන්නේ. අනේ ඒත් ඔයා , !! ඔයා මට තාමත් කරුනාවයි, ලමයිනුත් එහෙමයි , අනේ !! මට සමාවෙන්න ... කියමින් ඉකිගසයි.
"අනේ
අක්කේ අපි හැමෝම මැරෙන
මිනිස්සුනේ , තරහා , වෛරය ,ක්‍රෝධ මොකට හිතේ තියන්
ඉන්නවද මේ මැරිල යන
ටිකට. ඉන්නකො මම වතුර ගේනකම්
ඔය බෙහෙත් ටික බොන්න " කියමින්
සුවිමාලී තම ඇස නැගි
කඳුල පිසදා ගත්තාය .
නිලූ
සේනාධීර
09.12.23
----------------------------------------------------------------------------------------------------------------------------
සිත කීරිගස්වන කථා! අපිට කාලෙකින් පොත් කතුවරියක් ලැබෙයි වගේ! ඔබට මම ශාන්ති දිසානායක (අපේ ආදරණීය ශාන්ති අක්කාව ) අඳුන්වලා දෙන්නම්! එය ඔබට අත්වැලක් වේවි ගත් කතුවරියක් වීමට! ඉතාමත් රසවත් ලිවීමක්!
ReplyDeleteබොහොමත්ම ස්තුති මංජුල අයියා. . මේ මගේ තුන් වන කෙටි කතාව , මම තවම බොහොම ප්‍රාථමික , ආධුනික මට්ටමේ ලියන්නියක්. නමුත් හැමදාම මෙන් අදත් ඔබගේ දිරිගැන්වීමට බොහොම ස්තුති . ඔව්, කවදාක හරි ශාන්ති දිසානාය සොයුරිය හැඳිනගැනීමට ඉතාම කැමතියි. අසනීපෙන් සිටි නිසා නොලීවෙ , කමෙන්ටුවට උත්තර පරක්කු වීම ගැන සමාවෙන්න.
Deleteලස්සන කතාවක් ඇත්තෙන්ම. සුවිමාලි උතුම් කාන්තාවක්.
ReplyDelete+++++++++++++++👍
ReplyDeleteබොහොම ස්තුති දිරිගැන්වීමට !!
Delete🤩🤗
ReplyDelete+++++++++++ mayya -
ReplyDeleteබොහොම ස්තුති දිරිගැන්වීමට !!
Deleteඔබගේ බ්ලොග් අඩවිය සින්ඩියට ඇතුලත්කොට තිබුනි. ඒ දුහුනන් මැවුම් සඳහා වෙන්කොට ඇති "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේය! අපගේ කණ්ඩායම ගත් ප්‍රථිපත්තිමය තීරණයක් මත ඒය; ඊට අමතරව "කැඩපත් පවුර" යටතේද පෙලගස්වා ඇත! දිගටම ලියන්න!
ReplyDeleteබොහොම ස්තුති සඳකඩපහනටත් , කැඩපත් පවුරටත් , මා වැනි ආධුනිකයන්ට දෙන දිරිගැන්වීමට. අසනීපෙන් සිටි නිසා පසුගිය මාසයේම ලීව්වේ නෑ , කමෙන්ටුවට උත්තර ප්‍රමාධ උනාට සමාවෙන්න.
Delete