බොක්කා දමිතා නැන්දා මා වෙනුවෙන්ම සැදූ රසම රස තේ කෝප්පය බොමින් ඔවුන්ගේ සැප පහසු සෝපාවේ පහසුවෙන් වාඩිවී නිස්කාන්සුවේ සිටි මම , එක්වරම තේ කෝප්පය පසෙක ලා නහය හකුලමින් නැගී සිටියේ කොහෙන්දෝ නැගී ආ තදබල දුර්ඝන්ධය හේතුවෙනි . " නැන්දේ , කොහෙන්ද අප්පා මේ ජරා ගඳක් එන්නේ " මම සාලයේ සිටම මොර දුන්නේ , කුස්සියේ හෝ කාමරයක කිසියම් වැඩක නිරත්වෙන බව සිතූ දමිතා නැන්දාට ඇසෙන තරම් මහා හඬිනි . දමිතා නැන්දා මට නෑ කමින් නොව මිතුරු කමින් , දයාබරත්වයෙන් නැන්දා වූවාය . ඇය මගේ ප්‍රාන සම මිතුරිය වූ සුරංජීගේ ආදරනීය මවයි . " ඔය පුතේ කමනිලගේ ගෙදර ටොයිලට් වලක් අස් කරනවනේ අද " අපිට නම් ඊයේ ඇවිත් කිව්වා අද දොරවල් වහගෙන ඉන්න කියලා , ඒකනේ ඔය සුරංජිත් උදෙන්ම ඔගොල්ලන්ගේ ගෙදර යන්න ලෑස්තිය , ගඳේ බෑ කියලා " සාලයට එබෙමින් දමිතා නැන්දා කීවාය . " ආහ් නැන්දේ , නගර සභාවෙන් නෙමෙයිද ඔය වල අස් කරන්නේ , ඔය හැටි ගඳක් එන්නෙ " " නෑනේ පුතේ ඔය බොක්කා නේ