හැරවුම් ලක්ෂ්‍යය " මට යන්න බෑ නලින් , අනේ මට යන්න බෑ" මං කිව්වෙ හඬා හෙම්බත් වුන හඬින් , කඳුලු වැල් මගේ දෙනෙතින් ඔහේ ගලා ගිහින් මා ඇඳ සිටි මිලාධික සුදු ලේස් බ්ලවුසය තෙත් කලා. ඇඳේ අඩමානට වාඩිවී සිටි මට කෙලින්ම දර්ශනය වුනේ මල් කැටයමින් , සිංහ කකුලෙන් අලංකාර වුන නලින්ගේ පවුල් පරම්පරාවෙන් උරුම වුන කලුවර කන්නාඩි මේසය , එහි පෙනුන මගේ ප්‍රතිබිම්භය මාතුලම අප්‍රසන්නතාවක් ඇති කලා. හඬා හෙම්බත්ව තඩිස්සි වුන ඇසින්, තුනීවී ගිය කෙසින් ,කුරුලෑ කැලලින් යුතු කම්බුලැති අව පැහැ මූනින් , පමනටත් වඩා කලුවූ ගෙලින්, තරබාරු නූස් සිරුරෙන් , තඩි බඩගෙඩියෙන් , ඉදිමුන පිටිපතුලින් යුතු මගේ පෙනුම කිසිදා සුරූපි නොවූ මා තවත් විරූපී කර තිබුනා. නලින් හිටියේ මට පිටුපා ටයි පටිය පලඳිමින් , ඔහුගේ උසට සරිලන කඩවසම් දේහය අනර්ඝ සන්නාමිත යුරෝපීය ඇඳුමට තවත් කඩවසම් ව පෙනුනා . ඔහු වැන්නෙකු දිනා ගැනීම ගැන , මගේම කර ගැනීම ගැන මට මොහොතක සතුටක් ඇතිවුවත් , ඔහු සතු කරගත්තේ ප්‍රයෝගයෙන් බවත් එසේ සතු කරගත් ඔහු තවදුරටත් මා කෙරේ රඳවා තබාගන්නේ මේ කන්නාඩියෙන් පෙනෙන මා නොව , කන්නාඩියෙන් නොපෙනන " ගරු මහේස්ත්‍රාත් විනිසුරු&q
Search This Blog
මිණි මිණි පොදේ